Pages

Sunrise and Sunset

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Sri Pada or Adam's Peak

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Horton Plains National Park

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Golden Sand Beach around the Country

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Adventure Trekking and Hiking Tours in Sri Lanka

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday, October 3, 2016

Bakers ella


බෙලිහුල්ඔය වැටෙන්නේ වලවේ ගඟට. වලවේ, මහවැලි, කැලණි ගංඟා තුනම පටන් ගන්නෙත් හෝර්ටන් තැන්න අවටින්. කිරිගල් පොත්ත කඳු බෑවුමෙන් පටන් ගන්න බගවන්තලාව ඔය, කෙහෙල්ගමු ඔයට එකතු වෙලා කැලණි ගඟ හදනවා. තොටුපොළ කන්දෙන් පටන් ගන්න අග්‍රා ඔය කොත්මලේ ඔයට එකතු වෙලා මහවැලි ගඟ හදනවා. බෙලිහුල්ඔයේ මූලාරම්භයත් තොටුපොළ කඳු බෑවුමම තමයි. පොඩි කාලේ අපි අහලා තිබුණා. මහවැලි, කැලණි, කළු, වලවේ ගංඟා ඔක්කොම සමනොල කන්දෙන් පටන් ගන්නවා කියලා ඒ ඇත්ත නෙවෙයි. ඉතින් කොහොම හරි අපි අද යන්නේ මේ එකක්වත් බලන්න නෙවෙයි. අපි අද යන්නේ බෙලිහුල් ඔයෙන් පෝෂණය වෙලා හෝර්ටන්තැන්නට සළු අන්දවන බේකර් ඇල්ල දිය කොමළිය බලන්න.
2016-09-09-ent-13බේකර් ඇල්ල කියන නම අහපු නැති, කියවපු නැති කෙනෙක් නැති තරම්. ඒ තරමට මේ දිය ඇල්ල ප්‍රසිද්ධයි. හෝර්ටන් තැන්න හරහා ලෝකාන්තය බලන්න යන ගමනේද මඟදි තමයි බේකර් ඇල්ල දකින්න පුළුවන් වෙන්නේ. මේකට බේකර් ඇල්ල කියලා නම වැටුණේ දිය ඇල්ල සොයාගත් සැමුවෙල් බේකර් නිසා කිව්වාට, ඔබ පොඩ්ඩක් ප්‍රදේශයේ වයෝවෘද්ධ අයගෙන් අහලා බැලුවොත් දැනගන්න පුළුවන් සැමුවෙල් බේකර්ට කලින් ඉඳලා මේ ඇල්ලට නමක් තිබුණා කියලා. මේ අපූරැ දිය ඇල්ලට කියන සිංහල නම තමයි ගෝනගල ඇල්ල. මෙන්න මේක ගොඩාක් අය දන්නේ නැහැ.
හෝර්ටන් තැන්නට ඇතුළු වෙන්න ප්‍රවේශ පත්‍ර අරගෙන ඉදිරියට යද්දී පාර දෙකට බෙදෙනවා. එතැනින් දකුණු පැත්තට තියෙන පාරදිගේ කිලෝමීටර් දෙකක් විතර යද්දී තමයි බේකර් ඇල්ලට නැත්තම් ගෝනගල ඇල්ලට යන බැස්ම ඔබට හමුවෙන්නේ. දැන් නම් මේ ඇල්ල හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන විදිහට වේදිකාවක් එහෙමත් සාදලා තියෙන්නේ. ඒ නැතත් ඔබට පරෙස්සමට පහළට බැහැලා ඇල්ල දකින්න පුළුවන්. ඇල්ල මීටර් 22ක් උසින් යුක්තයි. දිය ඇල්ලක උස කියන්නේ එක් ජල බිඳුවක් නිදහසේ පහළට වැටෙන උසෙන්. ඒකත් මතක තියාගන්න. දිය ඇල්ලට යන පාර ඉතාම සුවිශේෂී එකක්. ඒ පාරේ ඔබට ශ්‍රී ලංකාවේ නෙවෙයි, මුලු ලෝකෙම ඉතාම දුර්ලභ නිල් බිනර මලින් පිරී තිබෙනු දැකගන්න පුළුවන්. සුදු රවුළා පාසි ශාකයත් හමුවෙන්නේ මේ වටපිටාවෙන්ම තමයි.
සැමුවෙල් බේකර්ගේ නමින් මේ දිය ඇල්ල නම් කරලා තිබුණත් අනාගත පරම්පරාව දැනගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි ලංකා ඉතිහාසයේ පාපතරම සත්ත්ව දඩයම්කරැවෙක් තමයි බේකර් කියන්නේ. ඔබ දවසක් හෝර්ටන් තැන්නට යන්න මතක් කරන්න, මේ තැන්නේ නිදහසේ දුව පැනපු සත්තු දහස් ගණනක් බේකර්ගේ තුවක්කුවෙන් මියැදිලා තියෙනවා. අන්තිමට බේකර් ලංකාවෙන් යද්දී THE RIFLE AND THE HOUND IN CEYLON කියලා පොතක් 1853දී ප්‍රකාශයට පත් කරලත් යනවා. බේකර් එහෙම වුණත් ගෝනගල ඇල්ල අදටත් උපේක්ෂාවෙන් කඩා හැලෙනවා. ඇයට මේ මොකුත් මතක නෑ. මතක තිබුණත් අමතකයි වගේ දරාගන්නවා. තමන් දකින්න එන අය වෙනුවෙන් ශෝ ශෝ හඬ නඟමින් ඇය කඩාවැටෙනවා. අපිට නොතේරැණාට ඒ ඇයගේ හැඬුම වෙන්නත් ඇති. 

Saturday, August 6, 2016

මාදම්පේ සිට ගාල්ල දක්වා දිවෙන A17 මාර්ගය


මාදම්පේ සිට ගාල්ල දක්වා දිවෙන A17 මාර්ගය සොබා සිරිය විඳගත හැකි සුන්දර මාර්ගයකි. සිංහරාජ වනාන්තරය මායිමෙන් දිවෙන මාර්ගයෙහි, රක්වාන හා සූරියකන්ද අතර බුළුතොට දුර්ගය හා වංගු දහය පිහිටා ඇත.  බ්‍රිතාන්‍ය  රාජ්‍ය පාලන සමයෙහි ඉදිකල මේ මාර්ගය යකඩ පාළම් රැසකින් සමන්විතයි. ඉතා පටු මාර්ගයේ ගමන් කිරීම ඉතා සීරුවෙන් කල යුතු දෙයකි.
මෙහි සුන්දරත්වය හොඳින් විඳගැනීමට නම් උදෑසනින්ම ගමන් ඇරඹිය යුතුයි. එක් වැලමිටි වංගුවක සිට තවත් වැලමිටි වංගුවකට කිලෝමීටර් භාගයක් පමණ දුරක් කැලය මැදින් වැටුණු පටු මාර්ගය ඔස්සේ ගමන් කල යුතුය. උදෑසන ගමනකදී දැනෙනුගේ ගත පිනවා යන සිහිල් සුළං රැල්ලකි.
මාර්ගය අවට වනාන්තරය විශාල ලෙස ෆයිනස් ශාක විසින් ආක්‍රමණය කර ඇත. නමුත් බොහෝ තැන්වල හොඳ ජෛව විවිධත්වයක් ඇත. මාර්ගය පසුකර යන දේශීය සංචාරකයන් වැලමිටි වංගුවල පොලිතීන් බෑග්, බියර් කෑන් වැනි කැළිකසල දමා අපවිත්‍ර කර ඇති ආකාරය නම් කනගාටුදායකය.
දූර්ගය පසු කර මුදුනට පැමිනීමට පෙර උතුරු හා වයඹ දෙසින් පැල්මඩුල්ල, රත්නපුර හා ශ්‍රී පාදය දැකගත හැක. වංගු දහය පසුකර ගියවිට "කඩමුදුන" හමුවේ. එතැනින් දකුනට ඇති දුෂ්කර මාර්ගයේ කිලෝමීටර් දෙකක් ගමන්කල විට සිංහරාජ ආරණ්‍ය සේනාසනය හමුවේ. එය සුන්දර පරිසරයකින් සමන්විත හිත සන්සුන් කරන ස්ථානයකි.
කඩමුදුන පසුකර A17 මාර්ගයේම තව දුරක් ගමන්කල විට සූරියකන්ද හමුවේ. සූරියකන්ද කුඩා නගරයකි. එහි ඉන්ධන, වාහන අලුත්වැඩියාව, ආහාර වැනි මූලික පහසුකම් ඇත. රක්වාන සිට සූරියකන්ද දක්වා ඔබ ගමන්කල යුත්තේ මිනිස් වාසයෙන් තොර හුදකලා වනාන්තරය තුලිනි. රාත්‍රී කාලයේ වංගු දහය වැටී ඇති මාර්ගයේ ගමන් කිරීම අවදානම් සහිතය.
සූරියකන්ද පසුකර දෙණියාය දෙසට ගමන්කිරීමේදී වම් පසින් උඩවලවේ, ඇඹිලිපිටිය, සූරියවැව, හම්බන්තොට, කතරගම සහ ගිනිකොණ දිග සාගරය දක්වා දිවෙන තැනිතලාව දැකගත හැක. මීදුමෙන් තොර දිනක නම් එය ඉතා සුන්දර දර්ශණයකි. මාර්ගයේ දකුණු පසින් ඇත්තේ කුළු කඳු වලින් සමන්විත සිංහරාජ වනාන්තරයයි.
--------------------------------------------------------
Buluthota Pass and 10 Hairpin Bends
.
The Buluthota Pass is a winding stretch of road with 10 hairpin bends that climbs through the mountains between the towns of Rakwana and Suriyakanda. This is a very scenic drive with plenty of photography opportunities. The journey through the pass and after the summit cutting fascinates a visitor as he views an endless beautiful vista of much of Southern Sri Lanka.
.
Photographer: Janaka Boralessa
https://www.facebook.com/janaka.boralessa

Friday, August 5, 2016

Abewela / අඹේවෙල

අඹේවෙල නුවරඑලිය සිට කිමි 17ක් දුරින් පිහිටා ඇත. එම පාරේම කිලෝ මීටර් 3 ක් ගිය පසු හමුවන අඹේවෙල දුම්රියපොළ අසලින් දකුණු පැත්තට ඇති පාරේ කිලෝ මීටර් 2 ක් ගිය පසු නවසීලන්ත ගොවිපළ හමුවේ .
මුහුදු මට්ටමේ සිට මි1848ක් පමණ උසකින් පිහිටා ඇති මෙහි පාරසරික ලක්ෂණ නිසා තෘණ හොඳින් වැවෙන අතර, ලංකාවේ මුහුදුමට්ටමින් ඉහලින්ම පිහිටි හා විශාලතම තණබිමක් පුංචි නවසීලන්තය ලෙස දැක්විය හැක.
1960 දී පිහිටවූ මෙම ගොවිපළ "නවසීලන්ත ගොවිපළ" වශයෙන් නම් කෙරුණේ මෙයට ආධාර හා ගවයන් ලැබුණේ නවසීලන්තයෙන් බැවිනි
The geographic location and altitude of Ambewela expose the site to strong Southwest Monsoons, with winds occasionally reaching over 12 m/s (39 ft/s), making the area a favourable location for wind farms and other wind energy developments. As the site is only used for livestock development and similar activities, the site is also an economical zone for erecting turbines, since cattle usually are not affected by wind turbines. These factors have attracted many local and international developers.
In 2003, the area was studied by collaborative effort between the Ceylon Electricity Board and NREL. The study revealed that the wind resource at the site is favourable only during the Southwest Monsoon, which is only a small period per year, and that the Northeast Monsoons does not reach the area due to its extreme altitude.
Transportation of equipment such as wind turbines, is also a very significant challenge due to the extreme logistical conditions to access the site. The study revealed that transportating turbines larger than 600KW to the site would be a near-impossible task. The study also revealed that ignoring this issue and constructing wind farms with turbines smaller than 600KW would be extremely uneconomical to the developer.