Pages

Tuesday, July 19, 2016

නන්පේරියල් වතු යාය හරහා ලෝකාන්තයට
























හෝටන්තැන්නේ පිහිටා ඇති ලෝකාන්තය අපි හැමෝම දන්න තැනක්  . හැබයි අපි වැඩි හරියක් බලන්න යන්න පුරුදු වෙලා ඉන්නේ නුවරඑළිය හරහා හොටන් තැන්නට යන්නයි. ලෝකාන්තයට ගිහින් පහල බලපු ගමන් අපට පේන්නේ නන්පේරියල් වතුයායත්   වතු ඡනතාව ඡිවත් වෙන ලයින් කාමරයි.
       හැබයි කෙනෙකුට හිතුනොත් මේ නන්පේරියල් වතු යාය හරහා ලෝකාන්තය මුදුනට  එන්න පුළුවන්නමි   කියලා . අන්න එහෙම පුළුවන් මාර්ගයක් ගැන කියන්න තමයි මෙි සුදානම.බලංගොඩ  හපුතලේ මාර්ගයේ  බෙලිහුල්ඔය  පහුකරලා  ටික දුරක් ඉදිරියට යත්ම  ලෝකාන්තයට කියලා බෝඩ් එකක් දාලා තියෙන හන්දියෙන් වමි අත පැත්තට  ඇති මාර්ගය තමයි මෙි නන්පේරියල් හරහා ලෝකාන්තයට යන මාර්ගය ආරමිභ වන්නේ . කිලෝමිටර් 23ක් වාහනයෙන් ගොස් තවත් කිලෝමිටර් 2ක් පාගමනින්  ගිය විට ලෝකාන්තයට ලගාවන්නට පුළුවන්.
          ඇත්තටම සුන්දරම මාර්ගයක් තමයි මෙි මාර්ගය වට වංගු 33කින් යුත් මෙි මාර්ගයේ වාහානයකින් ගමන් කරන විටනමි ඔීනෑම කනකුට  ත්‍රාසයෙන් පිරි ගමනක අත්දැකිම විද ගන්න පුළුවන් . එ වගේ හමුවන බෙිකර්ස් බෙන්ඩි එක කියන්නෙත් සුන්දරම තැනක් තමයි.තවත් ඉදිරියට යත්ම ගල්තලාවක පිහිටා ඇති ලංකා සිතියම  අපට ඇති කරන්නේ කුතුහලයක් . මාර්ගයේ අවසානයේ පිහිටා ඇති නග්රග් බංගලාව කියන්නේ වචනයෙන් කියන්න බැරි තරමි සුන්දරම තැනක් තමයි .මෙතෙන්න ලංකාවෙි දකුණු දිග ප්‍රදේශයෙන්වැඩි හරියක් දැක ගන්න පුළුවන් විමත් විශේෂයි.
          අඩි 7000කට වඩා ඉහලින් පිහිටා ඇති නග්රග් බංගලාවට පිටුපසින් ඇති හෝටන් තැන්න  දිගේ කිලෝමිටර් 2ක් පමන පාගමනින්  ගිය විට ලෝකාන්තය දැක බලා ගන්න පුළුවන්.
                             මම ඒ විස්තර කිවිවට  ලෝකාන්තයට යන්න නන්පේරියල් වතු යායේ කළමනාකාරිත්වයට අවසර දෙන්න නමි බලයක් නැහැ . ඒයාල අවසර දෙන්නේ නග්රග් බංගලාව  දිනකට රු.20000/= ක් ගෙවලා  වෙන්කර ගත්තම   වත්තට ඇතුල් වෙලා සුන්දරත්වය විද ගෙන බංගලාවෙි නතර වෙන්න.නමුත් ඒතනින්  ලෝකාන්තයට යන්න කැලේ මැදින් අඩි පාරක් තියෙනවා  අවසර දෙන්න කෙනෙක් නැහැ අනවසරයෙන් තමා යන්න තියෙන්නේ . හැබැයි නීති විරෝදි වැඩක් තමයි  . වනඡිවි එකේ අයට අහුවුනොත් ප්‍රශ්නයක් තමා  තිරනය ඹබ සතුයි . මම මෙම ගමන ගිය නිසයි  ඹබට විස්තර කිවිවෙි.ඒ වගේම  මෙම අංකයට කතා කරලා බංගලාව බුක්කර ගෙන  නන්පේරියල් වතුයායේ සුන්දරත්වය අත්විදින්න කියලා ආරාධනා කරනවා.
       සටහන/ඡායාරූප - අනුර පල්ලමුල්ල

0 comments:

Post a Comment